පාරම්පරික දැනුම යොදාගත හැකි අවස්ථා
|
පාරම්පරික දැනුම යොදාගන්නා ආකාරය
|
මූලාශ්‍රය
|
තුවාල සුව කිරීම සහ විෂ ඉවත් කිරීම
|
- තරමක් පැසුණු දෙහි ගෙඩියක් දෙකක් ගෙන එය සිහින් තීරු වලට කපා පොල් ස්වල්පයක් ගා සාදාගත් මිටිකිරි සමඟ හොඳින් රත්කර මිටිකිරි හිඳුනු විට දෙහි පෙති හොඳින් අඹරා එම මිශ්‍රණය යටි පතුලේ කටු ඇනීම් සීරීම් ආදිය නිසා පැසවා ඇති තුවාල වල රාත්‍රියක් පුරා ගැල්වීමෙන් විෂ සහිත ස්වභාවය ඉවත් කිරීම හා තුවාල හොඳින් පිරිසිදු කිරීමට යෙදා ගත හැකියි.
|
ගැමි ජන වහර කේ.පී. මුදියන්සේ
|
|
- මඬ කුඹුරු වතුරේ වැඩ කරන විට තුවාලයක් සිදුවූ විට එයට කරල් හැබ ශාඛයේ කොළ කටේ දමා හොඳින් සපා කෙළ මිශ්‍රණයත් සමඟම තුවාලයට තබා බැඳීමෙන් මඩ වතුර නිසා තුවාලය පැසවීම වලක්වා ගත හැකිය.
|
ගැමි ජන වහර කේ.පී. මුදියන්සේ
|
|
- කිතුල් මල් කපන පිහියට කැපුණු විට කරුංකා ගෙඩියක් ගලගා එම තුවාලයේ ගෑමෙන් ලේ ගැලීම නතර වේ.
|
කොත්මලේ ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
|
- දෑකැත්තට අත් හෝ පාද කැපුණු විට නියරේ ඇති වල් කොල කටින් හපා කෙලත් සමඟම කැපුණු ස්ථානයේ තැබීමෙන් ලේ ගමන නවතී.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
|
- හිසේ ලේ ගලන තුවාලයක් සිදු වූ විට එයට ප්‍රතිකාර වශයෙන් පලමුව පොල් තෙල් වත්කර දුම්මල කුඩු තවරන්න. ඉන්පසු දුම්මල, වියලි කහ, වෙනිවැල් ගැට කුඩු එක තරමට ගෙන තුවාලය මත තවරන්න.
|
කොටුවේ ගෙදර දිනේෂ් ප්‍රියදර්ශන කුමාර
|
|
- මකුණ කොල නැමති වැලක් දිලිසෙන නිල්පාටින් යුතු කොලයක් තුවාලයක් ආවරණය වන සේ වැතිරනු විට එම තුවාලය සුව වේ.
|
එදා හෙලදිව (2001) ඩේවිඩ් කරුණාතිලක
|
|
- බැඳිහාල් කුඩු ගිතෙලින් අනා ආලේප කරන්න. ශරීරය උෂ්ණාධික නිසා ඇතිවන බිබිලි (දහඩිය බිබිලි) ආදියට ලොකු කුඩා කාහටත් ගුණදායකය.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
ලේ ගැලීම් නතර කිරීමට
|
- ගස් කරල් හැබ කොළ අඹරා බඳින්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- හීං උඳුපියළිය හෝ ඇත් අඩි කොළ අඹරා බඳින්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
තුවාල සේදීමට
|
- බැඳිහාල් තැම්බූ වතුර පෙරා තුවාල සෝදන්න. මෙය දරුණු වණ වලටද හොඳය.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
තුවාල වේලීමට
|
- ඉටි ගෙඩියෙන් (කනෙයියා ඉටි එකතුකර සාදාගත් ගෙඩිය) ඉටි ගෙන කබලක බැද උණු කර එම ඉටියෙන් පොඟවාගත් රෙදිපටි වලින් වෙලීමෙන් තුවාල වලට වතුර ඇතුල්වීම නවතාගත හැක.
|
වංගල වාලිත්තං (2006) කට්ටුඹුවාගම විජයපාල කුමාරසිංහ
|
වේදනා හුරුවීමට
|
- බත් පොට්ටනියකින් තවන්න. මෙය මුහුණ ඉදිමෙන අය සඳහා විශේෂයි.
|
වී. වරුණ (2003) තිරත්තිඩියේ පඤ්ඤාසේකර හිමි
|
තුවාල ගොඩවීමට
|
- වැල් මදට පිටකර මී පැණියෙන් අඹරා ගාන්න.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
තුවාල පිරිසිදු කිරීමට
|
- මයිල මල් තැම්බූ වතුරෙන් තුවාල සේදීමෙන් තුවාල පහසුවෙන් සුව වේ.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
|
- බැබිල තම්බාගත් වතුරෙන් සෝදන්න.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
පරණ තුවාල සේදීමට
|
- නිකකොළ කොටා මිරිකාගත් යුෂ පැසවූ තුවාල පිරිසිදු කිරීමට සුදුසුය.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
ඇඟිලිකරු වනවීම සුව කිරීමට
|
- ගොරකා පලු තැම්බූ වතුරට ලුණු දමා සේදීමෙන් කැසීම නතර වී ඇඟිලිකරු වනවීම සුවවේ.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
කටු ඉවත් කිරීම
|
- පාදයේ ඇනුනු කටුවක් ඉවත් කිරීමට අපහසුනම් එම ස්ථානයට වරා ගසේ කිරි බිංදු කිහිපයක් දමා පිරිසිදු රෙදි කඩකින් බැඳ පසුදා උදය වරුවේ කටුව ඉවත්කල යුතුය. මෙවිට පහසුවෙන් එම කාර්යය සිදුවේ.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
|
- උල් කටු ඇනුණු විට ඒවා පිටතට ගැනීමට ඉඟුරු සීනි සමඟ තලා උණු අලුවේ තම්බා කටුව ඇනුණු තැනට බඳින්න.
|
ආයුර්වේද ඔසු (අත් බෙහෙත්) (2003) සිරිසේන උක්වත්තගේ
|
|
- සීනි, පොල් දිය මදය සමඟ හොඳින් අඹරා කටුවක් ඇනුන ස්ථානය දොඩම් හෝ දෙහි කටුවකින් පාදා නින්දට යන විට බදින්න. පසුදා උදය වන විට කටුව ඉවතට ඇදී ඇති බව දැකිය හැක. සම්පූර්ණයෙන්ම ඉවතට ඇදී නැතිනම් ඇදුණු ස්ථානය දෙපසින් තෙරපීමෙන් කටුව පිටතට ගත හැකිය.
|
මැණික් ගුණසේකර
|
|
- එරබොදු කොළ, කොහොඹ කොළ, දෙහි ඇඹුලෙන් අඹරා බඳින්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- සුදුළූණු, බත්, සීනි, පෙරුම්කායම් ස්වල්පය බැගින් ගෙන අඹරා බඳින්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- ඉඟුරු පියළි කොළ අඹරා කටුව ඇනුණු ස්ථානයේ තබා බඳින්න.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
කැසීම් සඳහා
|
- මා උස්සා පැළෑටිය සිරුරේ තැවරුන විට අධික කැසීමක් සිදුවේ. මෙවිට සිරුරේ ජලය නොගැටිය යුතු අතර අදාල කැසීම සිදුවන ස්ථානයේ පොල්තෙල් ආලේප කර පිරිසිදු රෙදි කඩකින් පිස දැමීම සිදු කල යුතුය. එවිට කැසීම නතර වේ.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
සර්ප විෂ සඳහා
|
- රුක් අත්තන ශාකයේ මල් පිපෙන කාලයේ රාත්‍රියට එම ගස අසලට සර්පයින් නොයන බව හා සර්පයෙකු දෂ්ට කල විට එම දෂ්ට කල ස්ථානයට රුක් අත්තන ගසේ පොත්තක් තැබීම එක් ප්‍රථමාධාරයක් වන බවට විශ්වාසයක් පවතී.
|
සාගරිකා බෝගහවත්ත
|
|
- සර්ප විෂ මර්ධනය සඳහා සර්ප දෂ්ටනයට ලක් වූ පුද්ගලයාට කරපිංචා නැටි කොටා යුෂ පෙවීම ගුණදායකය.
|
පැරණි ක්‍රම් ක්‍රම. 1999 නිමල් ජේ. ගමගේ
|
|
- ඵල ඔලිඳ ඇටයක පිට පොත්ත ගලවා පියල්ලක් ගෙන දෂ්ඨ මුඛය මත තබන්න. එය එහිම ඇලී සිටී. එයට විෂ ඇදුණු පසු හැලී යයි.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- හීං උඳුපියලිය, අමු කහ, ලුණු දෙහි ඇඹුලින් අඹරා ගාන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව

- එරබොදු ඇට තන කිරෙන් ගලගා ගාන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
ඇස් රෝග සඳහා
|
- ඇසේ වේදනාව, ඇස් පෙනීම අඩුවීම වැනි රෝ්ගී අවස්ථාවලදී උදෑසන වටින් ගොඩින් එලිය වැටෙන වේලාවට උඳුපියලිය වැවී ඇති බිමක පාවහන් නැතිව ඇවිදීම මඟින් එම රෝගී තත්ත්වයන් මඟ හරවා ගත හැක.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
|
- පිරිසිදු වතුර බඳුනකට සමන් පිච්ච මල් දමා රාත්‍රියක් තිබෙන්නට හැර පසුදා උදෑසන එම වතුරින් ඇස් සේදීමෙන් ඇස් රෝග වලක්වා ගත හැක.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
|
- දෙලුම් කොළ තැම්බූ වතුරින් ඇස් සේදීම හා තැවීම මඟින් ඇස් රුදාව වලක්වා ගත හැක.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
ඇසේ නගන සඳහා
|
- සියඹලා ඇටයක් උණු අළු පල්ලේ තම්බා පොත්ත පුපුරා ගිය පසු ගෙන පිට පොත්ත ඉවත් කර, ඇට මදය මී පැණියෙන් ගලගා නගනය මත ගාන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- දෙළුම් කොළ හෝ සියඹලා කොළ තම්බා මඳ උණුසුමෙන් ඇස තවන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- පුස් ඇටයක් උණු අළු පල්ලේ තම්බා පිට පොත්ත පුපුරා ගිය පසු ගෙන ඇට මදය මී පැණියෙන් ගලගා නගනය මත ගාන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- කලාදුරු අලයක් ගෙන පිට කුරුට්ට සූරා ඉවත් කර මී පැණියෙන් ගලගා නගනය මත ගාන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- ගම්මිරිස් ඇටයක් මී පැණියෙන් ගලගා නගනය මත ගාන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- ලුණු කැටයක් ඇස වටා පිස දමා එය වතුර කලයට දැමීමෙන් නගනය සුවවේ. එය වතුර කලයට දමන විට 'ලගනේ පිට බොගනේ කලගෙඩියට ලගනේ' යැයි කිවිය යුතුය.
|
වංගල වාලිත්තං (2006) කට්ටුඹුවාගම විජයපාල කුමාරසිංහ
|
කෘමි දෂ්ටනයන් සඳහා
|
- නිවසේ සිදුවන කෘමි දෂ්ටනයන් වලට ප්‍රතිකාර වශයෙන් බුලත් විට දමන වට්ටියේ හෝ තට්ටුවේ එකතු වී ඇති පරණ දුම්කොල කැබැලි කටින් හපා එම දෂ්ට මුඛයේ තැවීම සිදුකරයි.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
|
- මී මැස්සන් දෂ්ට කල විට එම විෂ ඉවත් කිරීමට හා ඉදිමීම නතර කිරීමට අදාළ දෂ්ට කිරීම සිදු වූ ස්ථානයේ සිරුරේ ඉදුනු පුවක් ගෙඩියේ පිට පොත්තෙන් එන පැණි ආලේප කිරීම සිදු කරයි. එවිට සිරුර ඉදිමීම සිදු නොවේ.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
|
- දෙබර විෂ සමනය කිරීමට ඉදුණු පොල් පිත්තක් තලා ඉස්ම ආලේප කරන්න.
|
ඩබ්.එම්. මධූෂා සුභාෂිනී
|
|
- එරබොදු කොළ දෙහි ඇඹුලෙන් අඹරා ගෑ විට බඹර, දෙඹර විෂ පහව යයි.
|
වංගල වාලිත්තං (2006) කට්ටුඹුවාගම විජයපාල කුමාරසිංහ
|
|
- මීක් මල් පැණි ගෑමෙන් බඹර, දෙඹර විෂ පහව යයි.
|
වංගල වාලිත්තං (2006) කට්ටුඹුවාගම විජයපාල කුමාරසිංහ
|
|
- ළපටි මලිත දළු අඹරා දෂ්ඨ කළ තැන ආලේප කරන්න.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
පත්තෑ දෂ්ටනයන් සඳහා
|
- පත්තෑයන් දෂ්ට කරන ලද ස්ථානයේ ලුණු පුලුස්සා පොල්තෙල් සමඟ එම දැලි ආලේප කිරීමෙන් වේදනාව සමනය වේ.
|
ආයුර්වේද ඔසු (අත් බෙහෙත්) (2003) සිරිසේන උක්වත්තගේ
|
|
- හබරල පිත්තක් කපා දෂ්ට කල ස්ථානයේ තැබීමෙන් පත්තෑ විෂ සමනය වේ.
|
ඩබ්.එම්. මධූෂා සුභාෂිනී
|
මත්ස්‍ය ඇනීම් සඳහා
|
- හුංගා හෝ මගුරා (මිරිදිය මසුන් වර්ග) මිනිසාට ඇනීමෙන් ඇතිවෙන වේදනාව තුරන් කිරීමට කිසිවකු සමඟ කතා නොකර ගැට තුඹ ගසක් උදුරා එය කැබලි වලට කඩා අල්ලේ පොඩිකර මත්ස්‍යා ඇන්න ස්ථානයේ තබා බඳින්න.
|
පැරණි ක්‍රම් ක්‍රම, 1999 නිමල් ජේ. ගමගේ
|
කුඩා දරුවන්ගේ බඩේ අමාරු සඳහා
|
- කුඩා දරුවන්ගේ බඩේ අමාරු/අජීර්ණ සුව කිරීම සඳහා සාදික්කා නෑඹිලියේ ගලගා තේ හැඳි 1/2 ක් පමණ පෙවීම කල යුතුය.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
|
- සූදුරු කබලේ බැද එම වතුරට මීපැණි එක්කර දවසට තුන් වරක් බීමට දීමෙන් කුඩා දරුවන්ගේ බඩේ අමාරු සුව වේ.
|
ආයුර්වේද ඔසු (අත් බෙහෙත්) (2003) සිරිසේන උක්වත්තගේ
|
|
- දවසට තුන් වරක් වියළි බෙලි ගැට තම්බා වතුර පෙවීමෙන්ද කුඩා දරුවන්ගේ බඩේ අමාරු සුව වේ.
|
ආයුර්වේද ඔසු (අත් බෙහෙත්) (2003) සිරිසේන උක්වත්තගේ
|
සෙම් ගෙඩි හා සෙම් රෝග සඳහා
|
- සෙම් ගෙඩි ඇති වී උගුරේ ආබාධ ඇති විටෙක තරමක් ඉදුණු (බාගෙට ඉදුණු) ගස් ලබු ආහාරයට ගැනීමෙන් එම රෝග සුවපත් වේ.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
|
- ඇඹුල් දොඩම් ඉස්ම ඉඟුරු ඉස්ම එක පමණ ගෙන මී පැණි දමා මිශ්‍ර කර උදේ දහවල් සවස යන ආකාරයට දිනකට තුන් වරක් තේ හැන්දක් බැගින් බීමෙන් සෙම් ගෙඩි සුව වේ.
|
පැරණි වෙද වට්ටෝරු අමල් උඩවත්ත
|
|
- පාවට්ටා දළු, එලබටු දළු හා අමු ඉඟුරු කොටා වන්ඩුවේ තම්බා ගුලි එකක් දීමෙන් ළමයින්ගේ සෙම රෝගය සුව කරගත හැකිය.
|
ළමා සෞඛ්‍යයට ජෛව විවිධත්වය (2005)(පත්‍රිකාවකි) මතුගම සෙනෙවිරුවන්
|
|
- කළු අරළු, රතුළූණු එක සමව ගෙන අඹරා උගුරේ තබා සෙම යැවීමෙන් සෙම්ගෙඩි සුව කරගත හැක.
|
කොටුවේ ගෙදර දිනේෂ් ප්‍රියදර්ශන කුමාර
|
|
- කාමරංගා පොතු තලා අමු කහ සමඟ මුසු කොට කෙසෙල් කොලයක් ඔතා උණු අළු පල්ලේ තම්බා කටේ තබා කෙල ගිලීමෙන් උගුර සිඳුම (සෙම් ගෙඩි) සුවපත් වේ.
|
එදා හෙලදිව (2001) ඩේවිඩ් කරුණාතිලක
|
|
- මී අරටු මී පැණියෙන් අඹරා ගෙඩිවල ගාන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- ගම්මිරිස් ලුණු වතුරට දිය කර උගුර සෝදන්න
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- වේලා කොළ කොටා මිරිකා දෙහි ඇඹුලෙන් ටික ටික බොන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- සහිඳ ලුණු දොඩම් ඇඹුලෙන් අඹරා දොඩම් ඇඹුලෙන් ආලේහ කරන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- ඉද්ද කොළ දොඩම් ඇඹුලෙන් අඹරා උගුර පිට ගාන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- බටු මුලේ පොතු, සහිඳ ලුණු, අමුකහ එකට අඹරා තිබ්බටු පමණ ගුලි කර කටේ දමා තබා සෙම අරින්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, ලුණු සමව ගෙන කුඩුකර සන්නාරං ඇඹුලෙන් අනා උගුරේ ගා සෙම අරින්න. පසුව ලුණු මිශ්‍ර වතුරෙන් උගුර සෝදන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- වල් ඇඹරැල්ලා හෝ ඇඹරැල්ලා ගසේ පොතු, වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, ලුණු සමව ගෙන කොටා නස්නාරං ඇඹුලෙන් අනා උගුරේ ගා සෙම අරින්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- ගම්මිරිස් කබලේ බැඳ කුඩුකර මී පැණියෙන් අඹරා බෙල්ල දෙපස (පිටපැත්තේ) ගාන්න
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- අග්ගලා වළඳන්න. හිස්බඩ අග්ගලා කෑම අපහසුනම් උදේ ආහාරයට එක්කර ගන්න. දිනපතා ග්රෑම් 20 ක් පමණ ප්‍රමාණයක් වැළඳීම හොඳය. මෙලෙස දින කීපයක් ගැනිමෙන් සෙම දුරුවේ. කුඩා දරුවන්ට ග්රෑම් 10 ක් පමණ දීම සෑහේ.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
කන් කැක්කුම සඳහා
|
- කන් කැක්කුම සුව කිරීම සඳහා අරළු, බුළු, නෙල්ලි හා ආඩතෝඩ මුල් කලන් 03 බැගින් ගෙන වතුර පත අට එකට ස්ඳ සීනි, මීපැණි දමා උදේ සවස බොන්න.
|
පැරණි වෙද වට්ටෝරු අමල් උඩවත්ත
|
|
- මුරුංගා ගසෙහි ලාටු තලතෙල් සමඟ මුසුකර කන වටේ ආලේප කිරීමෙන් කන් කැක්කුම සුව කරගත හැක.
|
සිරිකත පුවත්පත 2005-09-26 සුනන්දා විජයලතා මුණසිංහ
|
|
- නිකකොල යුෂ, අමු ඉඟුරු යුෂ, සහිඳ ලුණු සමඟ මිශ්‍ර කර කකාරා මද උණුසුමින් බිංදු 03 ක් කනට දැමීමෙන් කන් කැක්කුම සුව කරගත හැක.
|
කොටුවේ ගෙදර දිනේෂ් ප්‍රියදර්ශන කුමාර
|
|
- කර්ණ මූල ග්‍රන්ති ප්‍රදාහයට මුරුංගා පොතු හා අබ අඹරාගත් පල්ලය රෙදිකඩක ගා එම රෙදි කඩ ප්‍රදාහය වූ කන මුල සම මතුපිට තබා ගැනීමෙන් ප්‍රතිකාර කල හැකිය.
|
සිරිකත පුවත්පත 2005-09-26 සුනන්දා විජයලතා මුණසිංහ
|
|
- වරා කොලයක් සහ සුදුළූණු ටිකක් ගෙන ඒ වටා කෙසෙල් දල්ලක් ඔතා උණු අළුයට තබා තැම්බෙන්න හරින්න. විනාඩි 10 ක් පමණ තැම්බුණු පසු ගෙන කෙසෙල් දල්ල ඉවත් කර වරා කොළය හා සුදුළූණු බික පිරිසිදුව කොටා පසු රෙදි කැබැල්ලක තබා මිරිකා බිංදු 2-3 ක් කනට දමන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- සර්ව විෂාදි තෛලය බිංදු 2-3 ක් මද උණුසුමෙන් කනට දමා පුළුන් කැබැල්ලකින් වසන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- සර්ව විෂාදි තෛලය රත්කර කන වටා ගිල්වා නික කොළ යුෂ, සුදුළූණු කොටා පොට්ටනි බැඳ වන්ඩුවේ තම්බා තන වටා තවන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- නිකකොළ යුෂ, අමු ඉඟුරු යුෂ, සහිඳ ලුණු සමව මිශ්‍ර කර කකාරා මඳ උණුසුමින් බිංදු 1 ක් පමණ කනට වත් කරන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- අමු ඉඟුරු යුෂ, මී පැණි, සහිඳ ලුණු, තලතෙල් සමව ගෙන කකාරා සාදාගත් තෙල කනට දැමීමෙන් කන් කැක්කුම සුව වේ.
|
වාහල්කඩ ජන වහර (2005) විරවිජය ගුණසේකර
|
කනට සතකු ගිය විට
|
- ලුණු වතුර බිංදු කිහිපයක් හෝ මෑ කොළ යුෂ බිංදු කීපයක් කනට වත් කරන්න. සතා ගිය පසු පිරිසිදු පහන් වැටියකින් කන පිරිසුදු කරන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
පණු රෝග සඳහා
|
- කුඩා දරුවන්ගේ පණු රෝග වලක්වා ගැනීම සඳහා එරබදු ශාකයේ දලු මලවා ආහාරයට එක් කිරීම සුදුසුය.
|
ආයුර්වේද ඔසු (අත් බෙහෙත්) (2003) සිරිසේන උක්වත්තගේ
|
|
- කිරි අගුණ කොළ මද ගින්නේ වේලා කබලේ බැද කුඩුකර කෝපි මෙන් වත්කර බීමෙන් කිරි පණු රෝග අඩුකර ගත හැකිය. (මෙම පානය හිස් බඩට බීම වඩාත් ගුණදායක වේ.)
|
විදුසර පුවත්පත 2005-08-17 අමල් උඩවත්ත
|
|
- එරබදු දළු, පැණි තෝර, ඇත්තෝර හා කිරි අගුණ කොල මැල්ලුම දිනපතා ආහාරයට ගැනීමෙන් කිරි පණු රෝග සුව කල හැකියි.
|
විදුසර පුවත්පත 2005-08-17 අමල් උඩවත්ත
|
|
- අරළු, සියඹලා නැටි, පෙති පුවක් සහ කිතුල් හකුරු කලං 3 බැගින් ගෙන වතුර පත අටක් දමා පත 1 ට සිඳ පත භාගය බැගින් සහිඳ ලුණු දමා උදේ සවස පානය කිරීමෙන් කිරි පණු රෝග සුව කල හැකියි.
|
විදුසර පුවත්පත 2005-08-17 අමල් උඩවත්ත
|
|
- කුඹුරු ඇට මද, සිල්ලු ඇට මද, වදකහ, කොහොඹ (කොළ), තිප්පිලි, ඉඟුරු, බෙලි මුල්, ගොටුකොළ (දඬු) සම ප්‍රමාණ බැගින් ගෙන පිරිසිදු කර මැටි මුට්ටියකට දමා වතුර එක් කර මුට්ටිය වසා තම්බා පෙරා එක් අයෙකුට මේස හැන්ද බැඟින් වරු තුනක් බීමෙන් පණ රෝගය සුව කර ගත හැක.
|
මැණික් ගුණසේකර
|
උගුරේ සිරවූ කටු ඉවත් කිරීම
|
- උගුරේ කටු සිරවූ විට එය ඉවත් කිරීම සඳහා උණු බත් ගුලියක් ගිලීම සිදු කල යුතුය.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
අම්ල පිත්ත (ගැස්ටීස්) රෝගය සඳහා
|
- බෙලි මද මීපැණි සමඟ ආහාරයට ගැනීමෙන් හෝ බෙලි දියකර මීපැණි දමා පානය කිරීමෙන් අම්ල පිත්ත (ගැස්ටීස්) රෝගය සුව කරගත හැකියි.
|
ආයුර්වේද ඔසු (අත් බෙහෙත්) (2003) සිරිසේන උක්වත්තගේ
|
|
- වැටකෙයියා බඩ ඉස්ම දමා කැඳ උයා උදේ හිස් බඩ පානය කරන්න. උගුරට තිත්ත රස, ඇඹුල් රස ඒම ඔක්කාරය සම්පූර්ණයෙන්ම නවතිනු ඇත.
|
ආයුර්වේද ඔසු (අත් බෙහෙත්) (2003) සිරිසේන උක්වත්තගේ
|
|
- උගුරට එන ඔක්කාරය හා දැවිල්ල සම්පූර්ණයෙන් නතර කිරීමට හීන් උඳු පියලිය කැඳ උයා බොන්න.
|
ආයුර්වේද ඔසු (අත් බෙහෙත්) (2003) සිරිසේන උක්වත්තගේ
|
|
- බෙලි දලු පවනේ වේලා කුඩුකර කෝපි ලෙස සීනි දමා උදේ පාන්දර හිස්බඩ පානය කිරීමෙන් උගුරට එන ඔක්කාරය, දැවිල්ල සම්පූර්ණයෙන්ම සුව කරගත හැක.
|
ආයුර්වේද ඔසු (අත් බෙහෙත්) (2003) සිරිසේන උක්වත්තගේ
|
|
- උදේ පාන්දර හිස් බඩ ඇල් වතුර වීදුරු කිහිපයක් දින ගණනාවක් බීමෙන් හා කිරිමෝරු, කිරි, මුදවාගත් කිරි, යෝගට් ආදිය ආහාරයට ගැනීමෙන් අම්ල පිත්ත (ගැස්ටීස්) රෝගය සුව කරගත හැකියි.
|
ආයුර්වේද ඔසු (අත් බෙහෙත්) (2003) සිරිසේන උක්වත්තගේ
|
|
- බෙලි මද සීනි දමා රාත්‍රියට පානය කිරීමෙන් උගුරට එන ඔක්කාරය, දැවිල්ල සම්පූර්ණයෙන්ම සුව කරගත හැකිය.
|
ආයුර්වේද ඔසු (අත් බෙහෙත්) (2003) සිරිසේන උක්වත්තගේ
|
|
- බෙලි ගැට වතුරේ තම්බා පානය කිරීමෙන් අම්ල පිත්ත රෝග සුව කරගත හැක.
|
ආයුර්වේද ඔසු (අත් බෙහෙත්) (2003) සිරිසේන උක්වත්තගේ
|
|
- කෝමාරිකා මද පීරිසි කෝප්ප 1/2 ක් පමණ කිතුල් හකුරු හෝ සීනි සමඟ දිනපතා උදය හිස්බඩ කන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- කැහිපිත්තං කොළ කොටා වතුර ටික ටික දමා මිරිකා පෙරා සීනි දමා රැයක් තබන්න. පසු දින වන විට එය හොඳින් මිදී ඇත. වරකට පීරිසි කෝප්පයක් පමණ හිස්බඩ උදේ හා සවස කන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- කීකිරිඳිය කොළ කොටා මිරිකා ගත් යුෂ පීරිස කෝපප 1/4 ක් එළකිරි කෝප්පයක් සමඟ සීනි දමා උදය හිස්බඩ දින කීපයක් බොන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- සහල් ටිකක් ගෙන කරවනතුරු (කලුවන තුරු) කබලේ බැද චූර්ණය කර (ඉතා සිනිඳුවට කුඩුකොට) එයින් මේස හැන්දක් බැගින් රාත්‍රියේදී උණු වතුර පතකට (අඬු කොප්පයකට) මිශ්‍රකොට වසා තබා පසුදින උදේ හිස්බඩ පෙරා බොන්න.
|
වී. වරුණ (2003) තිරත්තිඩියේ පඤ්ඤාසේකර හිමි
|
හිස්සොරි සුව කිරීම සඳහා
|
- හිස්සොරි සුව කිරීම සඳහා රතුළූණු හා උළුහාල් මිටක් එක තරමට ගෙන හොදින් තම්බා දිය නෑමට පැය භාගයකට පෙර එම තැම්බූ වතුර හිසට දමා හොඳින් පිරිමදින්න. විනාඩි කිහිපයක් පිරිමැද නාන්න. සතියකට දෙවරක් මෙම ප්‍රතිකාරය කරන්න.
|
ආයුර්වේද ඔසු (අත් බෙහෙත්) (2003) සිරිසේන උක්වත්තගේ
|
|
- දෙහි ගැට හා ගොඩපර තම්බා ඉහත ආකාරයට ප්‍රතිකාර කිරීමෙන් හිස්සොරි සුව කරගත හැක.
|
ආයුර්වේද ඔසු (අත් බෙහෙත්) (2003) සිරිසේන උක්වත්තගේ
|
|
- වෙරලු කොල හා පේර කොල එක තරමට ගෙන කොටා එම යුෂ දිය නෑමට පැය භාගයකට පෙර හිස ගල්වා එම යුෂ හොඳින් ඇඟිලි තුඩ වලින් හිසේ අතුල්ලන්න. පැය භාගයක් පසුවී හොඳින් ස්නානය කරන්න. හිස්සොරි සුව වේ.
|
ආයුර්වේද ඔසු (අත් බෙහෙත්) (2003) සිරිසේන උක්වත්තගේ
|
|
- හිස්සොරි වලට ප්‍රතිකාර කිරීමට තිබ්බටු තලා හිසේ ආලේප කර දිනක් පමණ තබා හිස සෝදන්න.
|
ඩබ්.එම්. මධූෂා සුභාෂිනී
|
|
- නෙල්ලි හා උළුහාල් සම සමව ගෙන පොල් කිරි දමා තම්බා හිස සේදීමෙන් ඉස්සොරි ඇතිවීම වලක්වා ගත හැකිය.
|
කොටුවේ ගෙදර දිනේෂ් ප්‍රියදර්ශන කුමාර
|
|
- වෙරලු කොළ, කොහොඹ කොළ, අමුකහ එකට කොටා මිරිකාගත් යුෂ හිසෙහි ගල්වා හොඳින් පිරිමදින්න. පැය 1/2 පමණ පසු ජල ස්නානය කරන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- තිබ්බටු ගෙඩි යුෂ අවුන්ස 4 කට මිතෙල් අවුන්ස 1 ක් දමා අව්වේ කකාරා හිස ගාන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- කෝමාරිකා මද කෙස් මුල ගාන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- අමු නෙල්ලි තම්බා පොඩිකර හිස ගාන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- කූඩලු දෙහි තම්බා පොඩිකර හිස ගා නාන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- ඉඟුරු පියළි අමු අල ඇල් දියෙන් අඹරා හිසේ ආලේප කර ටික වේලාවක් හිද නාන්න.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
|
- නෙල්ලි, දෙහිගැට, උළුහාල්, ගොඩපර තම්බා හිස සේදීම.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
අලුහම් සුව කිරීම සඳහා
|
- පේර කොල අඹරා ඉස්ම අලුහම් මත ගෑමෙන් අලුහම් සුව වේ.
|
හිමාලි ද කොස්තා
|
|
- ඇත්තෝර කොළ හෝ කලුවා අල දෙහි ඇඹුලෙන් අඹරා අලුහම් වල ගල්වා අතුල්ලා ටික වේලාවකින් ජල ස්නානය කරන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- බෙලිකොළ, නෙල්ලි, ගෙන්දගම් සමඟ අඹරා (ගලගා) එය අලුහම් මත අතුල්වා ටික වේලාවකින් නාන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
|
- නෑමට පෙර පේර කොළ ඇල් වතුරෙන් අඹරා අතුල්ලන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
සුව නින්දක් සඳහා
|
- ඉරමුසු මුල් තම්බා සකස් කර ගන්නා පානය රාත්‍රියේ නින්දට පෙර පානය කිරීම මඟින් සුව නින්දක් ලැබේ.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
බුලත් කෑමේදී සිදුවන මත් වීම ඉවත් කිරීම සඳහා
|
- බුලත් කෑමේදී සිදුවන මත් වීම ඉවත් කිරීම සඳහා අදාල තැනැත්තාගේ මුඛය සෝදා හැර ලුණු කැට කීපයක් සැපීමට දීමෙන් මත් ගතිය ඉවත් කල හැක.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
කැස්ස සුව වීම සඳහා
|
- එලබටු ගසේ පස් පංගුව වියළි මුද්දරස්පලම් සමඟ තම්බා බීමෙන් කැස්ස සුවවේ.
|
ආයුර්වේද ඔසු (අත් බෙහෙත්) (2003) සිරිසේන උක්වත්තගේ
|
|
- තැල් කොල කිරට උයා බත් සමඟ කෑමට ගැනීමෙන් කැස්ස සුව වේ.
|
ආයුර්වේද ඔසු (අත් බෙහෙත්) (2003) සිරිසේන උක්වත්තගේ
|
|
- ආඩතොඩ ගසේ කොටස් 5 හිරු එළියෙන් වේලා කුඩුකර වරකට කලං තුන බැලින් මීපැණි දමා මිශ්‍ර කර කෑමෙන් ඇදුම, කැස්ස යන රෝග සුව වේ.
|
පැරණි කෙම් ක්‍රම (1999) නිමල් ජේ. ගමගේ
|
|
- කැස්ස සමනය කිරීමට කැහි පිත්තං කොල පමණක් දමා කැඳ සාදා බීමට දෙන්න.
|
ඩබ්.එම්. මධූෂා සුභාෂිනී
|
වියළි කැස්ස වැලැක්වීමට
|
- වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි තමිබා බොන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
සෙම සහිත කැස්සට
|
- පාවට්ටා පංචාංගය අමු ඉඟුරු සමඟ කොටා වන්ඩුවේ තම්බා ඉස්ම කෝප්ප 1/2 ක් මී පැණි දමා බොන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
ප්‍රතික්ෂා කැස්සට
|
- පාවට්ටා දළු, අමු ඉඟුරු ස්වල්පයක් සමඟ කොටා පොට්ටනි බැඳ වන්ඩුවේ තම්බා මිරිකා ඇඹුල් දොඩම්, සීනී, මී පැණි දමා දියකර වරින් වර මේස හැඳි 1-2 ක් බැගින් බීමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
කක්කල් කැස්සට
|
- කොටිහම් කැබැල්ලක් විඳ කරේ එල්ලීම මඟින් කක්කල් කැස්ස දුරු වේ.
|
වංගල වාලිත්තං (2006) කට්ටුඹුවාගම විජයපාල කුමාරසිංහ
|
|
- කක්කුට්ටන් ලෙල්ලට සුදු සහල් ටික්ක දමා එයට වතුර දමා උණු අඟුරු කැබැල්ලකින් රත්කර කෑමට දුන්විට කක්කල් කැස්ස සුව වේ.
|
වංගල වාලිත්තං (2006) කට්ටුඹුවාගම විජයපාල කුමාරසිංහ
|
කුඩා ළමුන්ගේ කැස්ස වැළැක්වීම සඳහා
|
- කටුවැල් බටු කොළ, වැල්මී, ඉඟුරු ගෙන වතුර පත 4 ක් දමා පත 1/2 කට සිඳ එය තුනට බෙදා එපමණම කළු උක් පැණි දමා පොවන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
මාන්දම වලක්වාලීම සඳහා
|
- අල කොල ඇඹුල හා කුරහන් පිට්ටු කෑමෙන් මාන්දම වලක්වා ගත හැකිය.
|
සුජිත් රත්නායක
|
කුඩා දරුවන්ගේ වමනය සඳහා
|
- සාදික්කා ගෙඩියක් දෙහි යුෂෙන් ගලගා පෙවීමෙන් කුඩා දරුවන්ගේ වමනය නවතාලිය හැකිය.
|
කොටුවේ ගෙදර දිනේෂ් ප්‍රියදර්ශන කුමාර
|
|
- වලගසාල් කුඩුකර කොටා මී පැණියෙන් ලේහ කිරීම මඟින් ළමයින්ට පණුවන් නිසා ඇතිවන වමනය නවතාලිය හැකිය.
|
කොටුවේ ගෙදර දිනේෂ් ප්‍රියදර්ශන කුමාර
|
ළමයින්ගේ කිරි පණුවන් සඳහා
|
- දෙහි දොඩම් ඇඹුලෙන් වරකට පුවක් රම්මඩ ගෙඩා එකහමාරක් පමණ අඹරා බීමට දීමෙන් ළමයින්ගේ කිරි පණුවන් නිසා ඇතිවන රෝග සුව කරගත හැක.
|
ළමා සෞඛ්‍යයට ජෛව විවිධත්වය (2005)(පත්‍රිකාවකි) මතුගම සෙනෙවිරුවන්
|
|
- කරඳ දළු, නික දළු, වරා දළු, කුඹුරු දළු, පාවට්ටා දළු, එරබදු දළු, කොහොඹ දළු, දෙහි දළු, බටු දළු, කුප්පමේනියා දළු සම සමව ගෙන උණු අළු පල්ලේ දමා තම්බා පොල් රා දමා මිරිකා පෙරාගත් ඉස්ම සුරත් විදුරගුලි එක බැගින් දිය කර දීමෙන් ළදරුවාගේ උණ, ඔක්කාරය, පණුවන් වැඩිවීම, පාචනය සුව කරගත හැක.
|
ළමා සෞඛ්‍යයට ජෛව විවිධත්වය (2005)(පත්‍රිකාවකි) මතුගම සෙනෙවිරුවන්
|
|
- අරළු, වලගසහල්, ගොටුකොළ හා කුඹුරු ඇට මද සමව ගෙන තම්බා බීමෙන් ළදරුවන්ගේ පණු රෝග සුව කරගත හැක.
|
කොටුවේ ගෙදර දිනේෂ් ප්‍රියදර්ශන කුමාර
|
ළමයින්ට වැලදෙන මළ බද්ධය සඳහා
|
- බේත් අනෝදා කොළ නෙල්ලි සමඟ තම්බා පෙරා සීනි දමා බීමෙන් ළමයින්ට වැලදෙන මළ බද්ධයට ප්‍රතිකාර කල හැක.
|
ළමා සෞඛ්‍යයට ජෛව විවිධත්වය (2005)(පත්‍රිකාවකි) මතුගම සෙනෙවිරුවන්
|
ළදරුවන්ගේ පාචනය සඳහා
|
- කළාඳුරු අල, ගැටතුඹ දළු උණු අළු පල්ලේ තම්බා රත කල්කය හෝ ජීවානන්ද ගුලි සමඟ දීමෙන් ළදරුවන්ගේ සාමාන්‍ය පාචනය සුව වේ.
|
ළමා සෞඛ්‍යයට ජෛව විවිධත්වය (2005)(පත්‍රිකාවකි) මතුගම සෙනෙවිරුවන්
|
ළදරුවන්ගේ රත බිබිලි සඳහා
|
- මදටිය කොල, රත්මල් කොල, අත්කොත් කොල හා කැප්පෙටියා පොතු සමව ගෙන ඇඹුල් දොඩම් යුෂෙන් අඹරා අලේප කිරීමෙන් ළදරුවන්ගේ රත බිබිලි සුව වේ.
|
ළමා සෞඛ්‍යයට ජෛව විවිධත්වය (2005)(පත්‍රිකාවකි) මතුගම සෙනෙවිරුවන්
|
|
- අවරිය කොල, මදටිය කොල, උඳුපියලි කොල, පාවට්ටා කොලහා එරබදු කොල සම සමව ගෙන යුෂ මිරිකා කකාරා ළදරුවන්ගේ රත බිබිලි වල ගෑමෙන් ඒවා සුව වේ.
|
ළමා සෞඛ්‍යයට ජෛව විවිධත්වය (2005)(පත්‍රිකාවකි) මතුගම සෙනෙවිරුවන්
|
ළදරුවන්ගේ ශක්තිය හා ප්‍රතිශක්තිය වර්ධනය සඳහා
|
- පොල් ගෙඩියකින් ගෑ පොල් ජලය සමඟ මිශ්‍ර නොකර මිරිකා අව්වේ කකාරා ලැබෙන පොල් කිරි ළදරුවන්ගේ ඇගේ තැවරීමෙන් ළදරුවන්ගේ ශක්තිය වර්ධනය වේ. සමේ කොරල මතුවීම වැලකේ.
|
ළමා සෞඛ්‍යයට ජෛව විවිධත්වය (2005)(පත්‍රිකාවකි) මතුගම සෙනෙවිරුවන්
|
|
- රත කල්කය, කොත්තමල්ලි අටයක ප්‍රමාණයෙන් ළදරුවෙකු ඉපදී දෙවන දිනයේ සිට පහත සඳහන් අනුපාත සමඟ දීමෙන් ළදරුවාගේ ලේ පිරිසිදු වී ප්‍රතිශක්තිය ඇති වේ. හමේ රෝග හට නොගනී. වා පිත් සෙම් රෝග සමනය වේ.
දෙවන දින - දෙහි දළු ස්වල්පයක් ගෙන පොඩිකර තනකිරි මිශ්‍ර කර සාදාගත් අනුපාතය තෙවන දින - උණු අළු පල්ලේ දැමූ සුදුළූණු ඉස්ම සමඟ සිව්වන දින - කඩ පිම්මේ තම්බා ගන්නා ලද ලපටි ඉඟුරු කැබැල්ලක ඉස්ම පස්වන දින - කඩ පිම්මේ තම්බා ගත් පාවට්ටා දළු ඉස්ම
|
ළමා සෞඛ්‍යයට ජෛව විවිධත්වය (2005)(පත්‍රිකාවකි) මතුගම සෙනෙවිරුවන්
|
ළමයින්ගේ වලිප්පු රෝගය සුව කිරීම සඳහා
|
- තලාගත් මුරුංගා පොත්ත වලිප්පු රෝගයේදී ළමයින්ගේ පායන්හි බත්කෙන්ඩා වල ආලේප කිරීමෙන් ප්‍රතිකාර කල හැකිය.
|
සිරිකත පුවත්පත 2005-09-26 සුනන්දා විජයලතා මුණසිංහ
|
උඳුගොව්වා කෑම රෝගය සමනය කිරීම සඳහා
|
- නියඟලා අල දෙහි ඇඹුලෙන් අඹරා හිසේ උඳුගොව්වා කෑ ස්ථාන වල ගෑමෙන් එම රෝගය සුව කල හැකිය.
|
කොටුවේ ගෙදර දිනේෂ් ප්‍රියදර්ශන කුමාර
|
|
- උඳුගොව්වා කෑම රෝගය සමනය කිරීමට එලබටු යුෂ මී පැණි සමඟ කලවම් කර හිසේ ගාන්න.
|
ඩබ්.එම්. මධූෂා සුභාෂිනී
|
|
- හීරැස්ස යුෂයෙන් වියන් සුබුළු අඹරා ගාන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- කටුවැල්බටු ඇට අඹරා ගාන්න.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
|
- පැසුණු එළබටු ගෙඩියක නටුව ආසන්නයේ හරහට කපා ගත් කොටස (බටු කර) එම ස්ථානයේ ගාන්න.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
|
- වැල් කහඹිලියා ඇල් වතුරෙන් අඹරා ආලේප කරන්න.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
දරු ප්‍රසූතිය අමාරු හෝ ප්‍රමාද වන අවස්ථා සඳහා
|
- දරු ප්‍රසූතිය අමාරු හෝ ප්‍රමාද වන අවස්ථා වලදී මුරුංගා මුලෙහි හෝ පොත්තෙහි ඉස්ම (යුෂ) යටිබඩ ප්‍රදේශයේ ආලේප කිරීමෙන් ප්‍රතිකාර කල හැක.
|
සිරිකත පුවත්පත 2005-09-26 සුනන්දා විජයලතා මුණසිංහ
|
සුදු හිස කෙස් කළු කර ගැනීම සඳහා
|
- වද මල් අඹරා සතියකට තෙවරක් හිසේ ගා පැයකට පමණ පසු සෝදා හැරීමෙන් සුදු හිස කෙස් කළු කරගත හැකිය.
|
කොටුවේ ගෙදර දිනේෂ් ප්‍රියදර්ශන කුමාර
|
අකලට හිස කෙස් වැටීම වලක්වා ගැනීම සඳහා
|
- අකලට හිස කෙස් වැටීම වලක්වා ගැනීමට පෙනෙල කොල, උළුහාල් හා වෙරළු කොල සම සමව ගෙන අඹරා නෑමට පෙර හිස ගල්වා පැය භාගයක් පමණ ගතකර සෝදා හරින්න. සතියකට එක් දිනක් බැගින් මාස 03 ක් මෙය හරියාකාරව කරන්න.
|
මැණික් ගුණසේකර
|
|
- ඉඟුරු පියළි අල කුඩුකර තලතෙල් සමඟ කකාරා ගත් කළ හිසෙහි ආලේප කරන්න.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
|
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
හිසකෙස් සුවඳවත් කර ගැනීම සඳහා
|
- ඉඟුරු පියළි අල අඹරා හිසේ ආලේප කර නාන්න.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
හිසකෙස් වැවීමට හා කළුවීමට
|
- නිල් ඇවරිය කොළ යුෂ යොදා සිඳගත් තෙල් හිස ගාන්න.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
ඇසට රොඩ්ඩක් වැටුනු විට
|
- ඇසට රොඩ්ඩක් වැටුනු විට ඇස වසා බිම බලා කෙල ගසනු (කෙම් ක්‍රමයක්)
|
ඩබ්.එම්. මධූෂා සුභාෂිනී
|
දත් කැක්කුම සඳහා
|
- තිප්පිලි කරල්, ඉඟුරු, ගම්මිරිස්, කරාබු හා ලුණූ පොල් කට්ටේ පිටත ඇති ලුණු කුඩා ප්‍රමාණ බැගින් ගෙන අඹරා පිරිසිදු රෙදි කඩකින් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයට පොට්ටනි සාදා ගෙන කැක්කුම දැනෙන දතට තියා අනික් ඇන්දේ දතින් තද කර තබා ගැනීමෙන් දත් කැක්කුම හා ඉදිමුම සුව කරගත හැකිය.
|
මැණික් ගුණසේකර
|
|
- ලුණු දිය විනාකිරි සමඟ කලවම් කර කට සේදීමෙන් දත් කැක්කුම සුව වේ.
|
කොටුවේ ගෙදර දිනේෂ් ප්‍රියදර්ශන කුමාර
|
|
- දත් වෑයාගෙන් සිදුවන හානිය වලක්වා ගැනීමට කුඹුක් දළු, දිය ලුණු එකට අඹරා දත මුල තබා ප්‍රතිකාර කරන්න.
|
ඩබ්.එම්. මධූෂා සුභාෂිනී
|
|
- මුරුංගා පොත්තෙන් ලබාගත් යුෂ නරක්වූ දතෙහි කුහරය තුලට යෙදීමෙන් දත් කැක්කුමට ප්‍රතිකාර කල හැකිය.
|
සිරිකත පුවත්පත 2005-09-26 සුනන්දා විජයලතා මුණසිංහ
|
|
- මූනමල් පොතු, පොල් මල්, පුවක් මල් සමාන ප්‍රමාණ ගෙන ජලයේ තම්බා සින්නක්කාරන් ලුණු දමා කට සේදීමෙන් විදුරු මස් දියවීම (දත් මුල් දියවීම) වලක්වා ගත හැක.
|
කොටුවේ ගෙදර දිනේෂ් ප්‍රියදර්ශන කුමාර
|
|
- කපුරු මී පැණියෙන් අඹරා දත මුල තබන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- සිවිය මුල් පුලුස්සා අළු ගෙන දත මුල තබන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- දිය බෙරලිය කොළ අඹරා දත මුල තබන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- නුග, ඇසතු, මාදං, අරළු, බුළු. නෙල්ලි, වෙනිවැල්ගැට එක පමණ තම්බා කට සෝදන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- වලගසාල් කුඩුකර නික කොළ යුෂින් කකාරා කට සෝදන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- අක්මැල්ල මලක් පොඩි කර දතේ කුහරයට ඇතුළු කරන්න.
|
සුව දිවි මග - අලුත් අවුරුදු ආයුර්වේද අත් පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- ගම්මාලු ලාටු කැක්කුම සහිත දත මත තබා සැපූ විට වේදනාව දුරුවේ.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
|
- කටුවැල්බටු ඇට කබලේ බැද කුඩුකර පොල්කටු අඟුරු මත හෙලා දුම් ඇල්ලීම කරන්න
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
|
- වියළි එලබටු ඇට පුළුස්සා එයින් නැගෙන දුම මුඛයට අල්ලන්න
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය
|
මුඛයේ දුර්ගන්ධය සමනය කිරීම සඳහා
|
- තල තෙලට, සවින්ද ලුණු (සහිඳ ලුණු) කුඩුකර දමා කට සේදීමෙන් මුඛයේ දුර්ගන්ධය සමනය කල හැකිය.
|
ඩබ්.එම්. මධූෂා සුභාෂිනී
|
|
- මුඛයේ දුර්ගන්ධය හැමීම වැලැක්වීම සඳහා අලුත් කරදමුංගු ඇට කිහිපයක් සපන්න.
|
සිරිකත පුවත්පත 2005-09-26 රුවන් හරිස්චන්ද්‍ර
|
|
- මුඛයේ දුර්ගන්ධය හැමීම වැලැක්වීම සඳහා දෙහි යුෂ බින්දු කිහිපයක් ජලයට දමා ඉන් උගුර කට සෝදන්න. විදුරු මස් හොඳින් අතුල්ලා පිරිසිදුකොට දෙහි යුෂ අඩංගු ජලයෙන් සෝදන්න.
|
සිරිකත පුවත්පත 2005-09-26 රුවන් හරිස්චන්ද්‍ර
|
|
- මුඛයේ දුර්ගන්ධය හැමීම වැලැක්වීම සඳහා කක්කුටු පලා කැබැල්ලක් සපන්න.
|
සිරිකත පුවත්පත 2005-09-26 රුවන් හරිස්චන්ද්‍ර
|
|
- තල, සාදික්කා, පුවක් මේ තුන් වර්ගය උදයේ සපා ඇල්දිය බොන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව
|
|
- හීන් අරත්ත කුඩා කැබලි සපා කන්න.
|
ඔසු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණ හා තිරසාර භාවිතය පිළිබඳ ව්‍යාපෘතිය
|
|
- පෙති ගසා වියළා ගත් ඉඟුරු පියලි අල සපන්න.
|
ඔසු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණ හා තිරසාර භාවිතය පිළිබඳ ව්‍යාපෘතිය
|
|
- වියළි කපුකිනිස්ස ඇට 3-4 ක් දිනකට කීප වරක් සැපීම.
|
ඔසු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණ හා තිරසාර භාවිතය පිළිබඳ ව්‍යාපෘතිය
|
තොල් කැසීම සමනය කිරීම සඳහා
|
- සමන් පිච්ච කොළ අඹරා තොල් වල ආලේප කිරීමෙන් තොල් කැසීම සමනය කල හැකිය.
|
ඩබ්.එම්. මධූෂා සුභාෂිනී
|
කුරුළෑ ඒම වළක්වා ගැනීම සඳහා
|
- හක් බෙල්ලන් කටු දෙහි ඇඹුලෙන් උරච්චි කොට මුහුනේ ගෑමෙන් කුරුළෑ ඒම වළක්වා ගත හැක.
|
කොටුවේ ගෙදර දිනේෂ් ප්‍රියදර්ශන කුමාර
|
|
- කලාදුරු අල කහ කිරෙන් අඹරා මුහුනේ ගෑමෙන් කුරුළෑ ඒම වළක්වා ගත හැක.
|
කොටුවේ ගෙදර දිනේෂ් ප්‍රියදර්ශන කුමාර
|
|
- මුහුනේ ලප කැලැල්, කුරුළෑ සුව කර ගැනීමට හා පැහැපත් බව ඇති කර ගැනීමට සුදු හඳුන්, රත් හඳුන්, අමු කහ, කොකුම් පොතු, කොහොඹ පොතු හා විෂ්ණු කාන්ත්‍රි ගසේ පස් පංගුව පිරිසුදු ගලක දෙහි ඇඹුලෙන් ගලගා මුහුණ සෝදා පිරිසිදු කර සවසට ආලේප කරන්න. නින්දට පෙර සෝදා හරින්න. දින 21 ක් මෙම ප්‍රතිකාරය කරන්න.
|
මැණික් ගුණසේකර
|
ළදරුවාගේ රත්තය හා සමේ බිබිලි ඒම වලක්වා ගැනීම සදහා
|
- අලුත උපන් ළදරුවාගේ රත්තය හා සමේ බිබිලි ඒම වලක්වා ගැනීමට රත්මල් දමා වතුර උණු කර යාන්තමින් අතට රස්නය දැනෙන තුරු සිසිල් කර ළදරුවන් නාවන්න.
|
මැණික් ගුණසේකර |
ඉක්කාව වලක්වා ගැනීම සදහා
|
- දෙහි යුෂ ස්වල්පයක් පානය කිරීමෙන් හෝ වියලි ඉඟුරු කුඩුකර හකුරු සමඟ කෑමෙන් ඉක්කාව වලක්වා ගත හැකිය.
|
කොටුවේ ගෙදර දිනේෂ් ප්‍රියදර්ශන කුමාර |
|
- වැල්මී චූර්ණය මී පැණි සමඟ නස්න කරන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
|
- දෙහි ඇඹුල් පීරිසි කෝප්ප 1/2 ක් ගෙන එයට ලුණු දිය තේ හැඳි 2 ක් පමණ දියකර වරකට තේ හැඳි 2 බැගින් වරින් වර බීමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- ඇඹුල් දොඩම් යුෂ ගිතෙල් සමඟ මිශ්‍ර කර වරින් වර ලේහ කරන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- මොනර පිල් පුලුස්සාගත් අළු මී පැණියෙන් ලේහ කරන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- වියළි ඉඟුරු, වියලි නෙල්ලි, තිප්පිලි, සීනි සමව ගෙන කුඩුකර මී පැණියෙන් අනා වරින් වර ලේහ කරන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- තිප්පිලි චූර්ණය තනකිරි හා නස්න කරන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
|
- ඇඹුල් දොඩම් යුෂට ඉඟුරු කුඩු, ගම්මිරිස් කුඩු දමා ලේහ කරන්න / බොන්න දෙන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
|
- තන කිරි, උක් පැණි, සීනි, ඉඟුරු යුෂ කකාරා ලේහ කරන්න
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
|
- බෙලි යුෂ කෂායට වී පොරි දමා කකාරා මී පැණි මුහුකොට පොවන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
ඇදුම රෝගය සඳහා
|
- ඔලිඳ කොල තල තෙලින් අනා කතා නොකර බෙල්ලේ මුල බැඳීමෙන් ඇදුම සුවවේ.
|
පැරණි කෙම් ක්‍රම (1999) නිමල් ජේ. ගමගේ |
මූත්‍ර අඩස්සි හා ශ්වේත ප්‍රදරය සුව කර ගැනීම සඳහා
|
- සැවැන්දරා මුල්, උක් දඩු, උක් මුල්සමව ගෙන කොටා යුෂ ගෙන හීනැටි හාලෙන් කැඳ පිස අනුභව කිරීමෙන් රත් පිත් මූත්‍ර අඩස්සි හා ශ්වේත ප්‍රදරය සුව කරගත හැකිය.
|
ළමා සෞඛ්‍යයට ජෛව විවිධත්වය (2005)(පත්‍රිකාවකි) මතුගම සෙනෙවිරුවන් |
|
- කුප්පමේනියා කොළ ඇල්වතුරෙන් අඹරා යටි බඩ ප්‍රදේශය වැසෙන සේ ආලේප කරන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- පිපිඤ්ඤා මද, හාතාවාරිය කොළ අඹරා යටි බඩ ප්‍රදේශය වැසෙන සේ ආලේප කරන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- මූත්‍රා අඩස්සිය සෑදුනු විට නිල්කොළ යටිබඩ ප්‍රදේශයේ තවරන්න. ටික වේලාවකින් මූත්‍රා පිට වේ.
|
දේවමැදිහත්පත්තුවේ ජනවහර (2005) සරත්චන්ද්‍ර කුමාරසිංහ |
මූත්‍ර කෘචිඡ්‍රය (දැවිල්ල වෙිදනා සහිත අපහසුවෙන් ටික ටික මූත්‍රා පහ වීම) සඳහා
|
- පොල්පලා තැම්බූ වතුර පානය කිරීම.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- නීරමුල්ලිය තැම්බූ වතුර පානය කිරීම.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- හී නෙරන්චි තැම්බූ වතුර පානය කිරීම.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- අළු පුහුල් දඬු කොටා මිරිකාගත් යුෂ සිනි දමා පානය කිරීම.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- ඉඟිනි ඇට, සුදු හඳුන්, සැවැන්දරා, ඉරමුසු, පොල්පලා ටික ටික ගෙන තම්බා පානය කිරීම.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- ඉඟිනි ඇට කපා මිටක් පමණ වතුරට දමා රැයක් තබා උදයට පෙර සීනි දමා බීම.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
මූත්‍රාශ්මරී (මූත්‍රා ගල්) සඳහා
|
- කොල්ලු ඇට තැම්බූ ජලය පානය කරන්න
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- තනිකර ලුණුවරන පොතු හෝ එයට නීරමුල්ලිය එකතුකර තම්බා පානය කරන්න
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- ඉරමුසු හා පොල්පලා අමුවෙන් කලං තුන බැගින් ගෙන කොටා සවසට තැඹිලි ගෙඩියක දමා පසුදින පෙරා සීනි දමා හිස් බඩ බොන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
මූත්‍ර රෝග සඳහා
|
- වදමල් තම්බන ලද ජලය පානය කිරීමෙන් මූත්‍රා රෝග සුව වේ.
|
දේවමැදිහත්පත්තුවේ ජනවහර (2005) සරත්චන්ද්‍ර කුමාරසිංහ |
|
- සැවැන්දරා මුල් තම්බා බීමෙන් දාහය හා මූත්‍රා රෝග සමනය වේ.
|
දේවමැදිහත්පත්තුවේ ජනවහර (2005) සරත්චන්ද්‍ර කුමාරසිංහ |
අර්ශස් රෝගය සඳහා
|
- කොලපාට පොල් හටගන්නා ගසකින් ලපටි පොල් මලක් කපාගෙන එය පලා ඇතුලත ඇති මල් කිනිති සිහින්ව ලියා නිවුඩු හාලේ පිටිද එපමණ ගෙන පොල්මල් කැබලි හා හාල් පිටි සමඟ මිශ්‍රකර සියුම් වන ලෙස අඹරා එයට පොල්පැණි මිශ්‍ර කර ලිප මත තබා තලපයක ස්වභාවය ගන්නා තුරු හැඳි ගාමින් පිස ගෙන නිවුනායින් පසු බටු ගෙඩි තරමට ගුලි කර උදේ සවස ගුලියක් බැගින් වැලඳීමෙන් අර්ශස් රෝගය සම්පූර්ණයෙන් සුවවේ.
|
පැරණි කෙම් ක්‍රම (1999) නිමල් ජේ. ගමගේ |
බඩේ අමාරු සඳහා
|
- ලිප මැදින් අළු ටිකක් ගෙන නටන උණු වතුරට දමා කලවම් කර මඳ වේලාවක් තැම්බීම පිණිස වසා තබා පිරිසිදු රෙදි කඩකින් පෙරාගත් අළු මිශ්‍ර ජලය පානය කිරීමෙන් බඩේ අමාරුව (අජීර්ණය) සුව වේ.
|
පැරණි කෙම් ක්‍රම (1999) නිමල් ජේ. ගමගේ |
|
- අමු පොල් ලෙල්ලක් ලිපට අල්ලා රත් වූවායින් පසු එම පොල් ලෙල්ලෙන් තැවීමෙන් බඩේ අමාරුව (අජීර්ණය) සුව වේ.
|
පැරණි කෙම් ක්‍රම (1999) නිමල් ජේ. ගමගේ |
|
- බඩ පිපුමට, අන්කශුල ආබාධයන් ආදියට මුරුංගා පොත්ත හා දොඩම් ලෙලි සම සමව ගෙන එය සාදික්කා ස්වල්පයක් සමඟ අඹරා මිශ්‍රකර වන්ඩුවේ තම්බා මිරිකාගත් යුෂ භාවිතා තල හැකිය.
|
සිරිකත පුවත්පත 2005-09-26 සුනන්දා විජයලතා මුණසිංහ |
පාන්ඩුව සඳහා
|
- රන්වන් ගුරු මානෙල් අල තම්බා මී පැණි එක්කර බීමට දීමෙන් පාන්ඩුවට ප්‍රතිකාර කල හැකිය.
|
ඩබ්.එම්.මධූෂා සුභාෂිනී
|
බඩ විරේක කිරීම සඳහා
|
- දලුක් කිරිවල එක් රැයක් පමණ ගිල්වා තැබූ ගම්මිරිස් සෝදා පිරිසිදු කොට ගොරකා සමඟ තම්බා එම තැම්බූ වතුර බඩ විරේකයක් ලෙස භාවිතා කල හැකියි.
|
එදා හෙලදිව (2001) ඩේවිඩ් කරුණාතිලක |
|
- ජාපාල ඇට, ගොාරකා, ගම්මිරිස් හා එකට තම්බා එම තැම්බූ වතුර බඩ විරේකය සඳහා භාවිතා කල හැකියි.
|
එදා හෙලදිව (2001) ඩේවිඩ් කරුණාතිලක |
විරේචනය කිරීමට හා ආහාර දිරවීමට
|
- ඉදුණු හෝ තම්බා ගත් බෙලි මල්, පොල් කිරි, සීනී හා ලුණු දමා මිශ්‍ර කර පෙරාගත් යුෂ ආහාර ගැනීමෙන් පසු පානය කිරීමෙන් ආහාර දිරවීම පහසු කරයි.
|
දේවමැදිහත්පත්තුවේ ජනවහර (2005) සරත්චන්ද්‍ර කුමාරසිංහ |
|
- ඇසල කරල් පැණිය ළදරුවන්ට හා ගර්භණී මාතාවන්ට නිර්භයව ලබාදිය හැකි විරේචණ ඖෂධයකි.
|
දේවමැදිහත්පත්තුවේ ජනවහර (2005) සරත්චන්ද්‍ර කුමාරසිංහ |
දහදිය දුගඳ අඩු කර ගැනීම සඳහා
|
- දහදිය දුගඳ අඩු කර ගැනීම සඳහා සෑම ආහාර වේලකටම ඉඟුරු ස්වල්පයක් එකතු කර ගන්න.
|
සිරිකත පුවත්පත 2005-09-26 රුවන් හරිස්චන්ද්‍ර |
බඩේ කොරවීම, වාතය පිරීම හා වාත වේදනා දුරු කිරීම සඳහා
|
- අරළු, බුළු,නෙල්ලි, ඉඟුරු, මිරිස්, අබ, වදකහ, සුදුළූණු, කරාබු, වසාවාසි, සාදික්කා, පෙරුම්කායම්, සහිඳ ලුණු, තිප්පිල මේවා කලං තුන බැගින් ගෙන අව්වේ වියලා සියුම්ව කුඩු කර ඒ බරට බරක් හීනැටි හාල්පිටි එක්කර ඒ සියලු බරට කිතුල් හකුරු එක්කර එකට අනාගන්න. නැවුම් මුට්ටියකට මෙයින් තුන් කාලක් පමණ වනතුරු දළුක් පළු පෙති ගසා දමා ඉතිරි කොටසට කුරුම්බා ගෙඩි 4 ක වතුර දැමිය යුතුය. දැන් මුට්ටියේ කඩ පිිම්ම බැඳ ඉහත සඳහන් ද්‍රව්‍ය කෙසෙල් කොලයක ඔතා කඩ පිම්මෙන් හොඳින් තම්බා ගන්න. එක් වරකට අමු නෙල්ලි ගෙඩියක තරම් උදේ සවස වැලදීමෙන් බඩේ කොරවීම, වාතය පිරීම හා වාත වේදනා සියල්ල දුරු වේ.
|
මතුගම සෙනෙවිරුවන් |
වාත රක්තය සඳහා
|
- වාත රක්තයට මුරුංගා ඇට තෙල් හා රටකජු තෙල් සම සමව ගෙන මිශ්‍රකර ආලේප කිරීමෙන් සුවය ලබා ගත හැකිය.
|
සිරිකත පුවත්පත 2005-09-26 සුනන්දා විජයලතා මුණසිංහ |
|
- වාත රක්තයට මුරුංගා ලාටු එළකිරි සමඟ අඹරා තනාගත් තලපය නලල දෙපැත්තේ ආලේප කිරීමෙන් ප්‍රතිකාර කල හැකිය.
|
සිරිකත පුවත්පත 2005-09-26 සුනන්දා විජයලතා මුණසිංහ |
සාමාන්‍ය වමනය සුව කිරීම සඳහා
|
- සප්සඳ මුල් දෙහි ඇඹුලින් ගලගා දෙහි යුෂ සමඟ බීමෙන් සාමාන්‍ය වමනය සුව වේ.
|
කොටුවේ ගෙදර දිනේෂ් ප්‍රියදර්ශන කුමාර |
|
- වරාකිරි ස්වල්පයකට දියලුණු කැට ස්වල්පයක් දමා රැයක් තබා පසුදා උදයේ පිසින ලද කැඳ වලට තවමත් දිය නොවී ඇති ලුණු කැට දමා බීමෙන් වමනය සමනය කර හැකිය.
|
එදා හෙලදිව (2001) ඩේවිඩ් කරුණාතිලක |
|
- වී පොරි කුඩුකර මී පැණි සමඟ අනා වරින් වර ටික ටික ලේහ කරන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- පොල් විනාකිරි හා වතුර අවුන්ස 2 බැගින් මිශ්‍ර කර, එයට සීනි තේ හැඳි 06 ක් පමණ දමා දියකර ටික ටික බීමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- ඉදුණු දෙළුම් මද යුෂ, මී පැණි දමා ටික ටික බීමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- බෙලිමුල් තැම්බූ වතුරට මී පැණි මිශ්‍ර කර ටික ටික බීමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
උලුක්කුව සුව කර ගැනීම සඳහා
|
- නික පොතු, අංකෙන්ද පොතු, රදලිය පොතු, කැට කැඳල පොතු, කහට පොතු සම ප්‍රමාණය බැගින් ගෙන කොටා යුෂ ගෙන කකාරා උලුක්කුව සිදු වූ ස්ථානයේ ගෑමෙන් උලුක්කුව සුව කරගත හැකිය.
|
කොටුවේ ගෙදර දිනේෂ් ප්‍රියදර්ශන කුමාර |
සෙංගමාලය සඳහා
|
- කෝමාරිකා පිත්තක් දෙකට පලා කෝමාරිකා මද මැදට මුං ඇට දමා අතුරා උණු අළු පල්ලේ තම්බා එයින් කැඳ පිස පාන කිරීමෙන් සෙංගමාලයට ප්‍රතිකාර කල හැකිය.
|
කොටුවේ ගෙදර දිනේෂ් ප්‍රියදර්ශන කුමාර |
|
- සෙංගමාලය සුව කිරීම සඳහා දෙහි ඇඹුල් පමණට ගෙන පැණි රස දැනෙන තුරු කිතුල් හකුරු දියකර උදේ වරු තුනක් හිස් බඩට බීමට දෙන්න.
|
ඩබ්.එම්. මධූෂා සුභාෂිනී
|
දියවැඩියාව සුව කර ගැනීම සඳහා
|
- වැලි කොස් ඇට අට වේලක් තම්බා කෑමට දීමෙන් දරුණු දියවැඩියාව සුවවේ.
|
මතුගම සෙනෙවිරුවන් |
|
- දියවැඩියා රෝගය සමනය කර ගැනීමට කැකුළු කොල මිටක් ගෙන ජලය මුසු නොකර කොටා ඉස්ම මිරිකා හිස් බඩ බීමට දෙන්න.
|
ඩබ්.එම්. මධූෂා සුභාෂිනී |
සැරව සහිත ගෙඩි පිපිරවීම සඳහා
|
- සැරව සහිත ගෙඩි පිපිරවීමට මුරුංගා පොත්තෙහි යුෂයෙන් පෙරුම්කායම් හා සහිඳ ලුණු අඹරා බාහිරව ගෙඩියේ ආලේප කරන්න.
|
සිරිකත පුවත්පත 2005-09-26 සුනන්දා විජයලතා මුණසිංහ |
බල්ලෙකු සපා කෑ විට
|
- බල්ලෙකු සපා කෑ විට මුරුංගා දළු හා බුලත් විටට කන හුණු එකට අඹරා, තුවාලය සිදු වූ ස්ථානයේ ආලේප කිරීමෙන් ප්‍රතිකාර කල හැකිය.
|
සිරිකත පුවත්පත 2005-09-26 සුනන්දා විජයලතා මුණසිංහ |
ගෝනුස්සෙකු දෂ්ට කල විට
|
- ගෝනුස්සෙකු දෂ්ට කල විටදී මුරුංගා පොත්ත, බීජ, දුම්කොල හා වෙඩි ලුණු මිශ්‍ර කර මෘදු තලපයක් ලෙස සකස් කර ඇල් දියෙන් මිශ්‍ර කර ආලේප කිරීමෙන් ප්‍රතිකාර කල හැකිය.
|
සිරිකත පුවත්පත 2005-09-26 සුනන්දා විජයලතා මුණසිංහ |
|
- කඩුපහර ගස සහමුලින්ම ගෙන දෙහි ඇඹුලෙන් හෝ හාල්පානු දියෙන් අඹරා ගන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
|
- ගස් කරල් හැඹ කරලක් ඇල්වතුරෙන් අඹරා ගාන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
|
- පැපොල් කරටියක් හෝ මයුරපාද එඬරු කරටියක් කඩා දෂ්ඨ මුඛයේ උලන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
|
- පරණ ලණුවක් පුළුස්සා ගත් අළු පොල්තෙලින් අනා ගාන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
විදුරුමසින් ලේ ගැලීම සඳහා |
- ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, අරළු, බුළු, නෙල්ලි, කලාදුරු අල, දියමිත්ත, කටුකරෝසන, අමුකහ, සුවඳ කොට්ටම් එක සමානව ගෙන කුඩු කොට දත් මදින්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
|
- මඟුල් කරඳ පොතු හෝ මූණමල් පොතු හෝ පුවක් මල් තම්බා කට සෝදන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
|
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
දත් මුල් වේදනාව සඳහා |
- නික කොළ, නි පොතු තම්බාගත් වතුරට තල තෙල් මිශ්‍ර කර මඳ උණුසුමින් කට සෝදන්න. දවසට දෙතුන් වරක් බැගින් දින කීපයක් මෙසේ කරන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
දත් මුල් දියවීම සඳහා |
- පිල මුල්, කරඳ මුල් තම්බා කට සෝදන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
|
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
දිව පැලීම සඳහා |
- සමන් පිච්ච මල් හා කොළ තම්බා කට සෝදන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
කට, තොල් පැලීම, මුඛය තුල තුවාල හට ගැනීම සඳහා |
- රතුළූණු, හාතාවාරිය අල, ගොටුකොළ ටික ටික ගෙන එය තැම්බූ වතුරට ගිතෙල් ස්වල්පයක් දමා බීමට ගන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආායුර්වේද දෙපාර්තමේන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය
|
මුඛයේ පණු ගෙඩි සඳහා |
- ඇඹරැල්ලා ගසේ පොතු ලුණු දියෙන් ගලගා නස් නාරං ඇඹුලෙන් අනා පණු ගෙඩියේ ගා සෙම අරින්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආායුර්වේද දෙපාර්තමේන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
මුඛ රෝග සඳහා |
- කුඹුක් පොතු තැම්බූ වතුරෙන් කට සේදීම
|
ඔසු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණ හා තිරසාර භාවිතය පිළිබඳ ව්‍යාපෘතිය |
මී විෂ සඳහා |
- දිවුල කොළ කැඳ පිස බීමට දෙන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
|
- ඇවරිය කොළ කළං 12 ක් කසාය කර බොන්න.
|
ඔසු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණ හා තිරසාර භාවිතය පිළිබඳ ව්‍යාපෘතිය |
බළල් විෂ සඳහා |
- කුප්පමේනියා මුල් දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
මඤ්ඤොක්කා විෂ සඳහා |
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
|
- පේර කොළ ඉස්ම හෝ බුළු ගෙඩියේ පොතු තැම්බූ වතුර බොන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
කැරපොතු විෂ සඳහා |
- මී මුරු උණු දියෙන් අඹරා ආලේප කරන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
|
- කන හුණු ජලයට දැමූ විට නගින හුමාලය අල්ලන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
දළඹු විෂ සඳහා |
- ගැටතුඹ, අමු කහ කොටා යුෂ ගාන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
|
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
භූමිතෙල් විෂ සඳහා |
- පොල් කිරි හෝ තැඹිලි දිය පොවන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
|
- කිතුල් පිටි හෝ මෙනේරි කැඳ බොන්න දෙන්න.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
දිවි මකුළු විෂ සඳහා |
- ගොටුකොළ, කලාඳුරු අල, හුණු අඹරා දෂ්ඨ මුඛයෙ ගෑම.
|
සුභ දිවි මග - අලුත් ආයුර්වේද අත්පොත (2003) ආයුර්වේද දෙපාර්තමේන්තුව |
|
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය |
|
- කුඹුක් පොතු ලෝලු සමඟ තම්බා බීම.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය |
සුළු පිළිස්සීම් සදහා |
- පනම්පෙති (කාසි පෙති) ඇල්දියෙන් අඹරා ගාන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- දිය මෙනේරිය කොළ අඹරා ගන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- රසකිඳ කොළ ඇල්දියෙන් අඹරා ගාන්න.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය |
|
- මලිත මල් සියුම්ව කුඩුකර තලතෙලින් අනා ගාන්න.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය |
විසප්පු ගෙඩි සඳහා |
- සියඹලා කොළ තම්බා හොඳින් තවන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- රත් හඳුන් දෙහි ඇඹුලෙන් ගලගා ආලේප කරන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- හේදිරික්කා කොළ අඹරා ගන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- බෙහෙත් අනෝදා කොළ, අමුකහ, පොල්කිරෙන් තම්බා අඹරා ආලේප කරන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- රතුළූණු හෝ වල්ළූණු අල උණු පල්ලේ තම්බා ගිතෙලින් අඹරා ආලේප කරන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- වැල්මී කෑල්ලක් හක්කේ තබා සපමින් යුෂ ගිලින්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
උගුර බැරැන්ඩිය සඳහා |
- අරළු ගෙඩියකින් පලුවක් පමණ ගෙන සූකිරි කැටයක් සමඟ සපමින් යුෂ ගිලින්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- උතුරන වතුර පීරිසි කෝප්පයකට ලුණු කැට කීපයක් දමා දියකර මඳ උණුසුමින් උගුර සෝදන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- කපුකිනිස්ස ඇට කුඩුකර දුම්වැටි සාදා දුම් ඉරීම කරන්න.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය |
|
- ගොටුකොළ යුෂ සූකිරි සමඟ බීමට දෙන්න.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය |
තැලීම් සුව වීම සඳහා |
- ගොරකා, ලුණු දෙවර්ගයම අඹරා ගාන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- කොහොඹ කොළ හා පොතු, අමුකහ, ලුණු කොටා මළවා බඳින්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- බැලතණ, අමුකහ, ලුණු කොටා මළවා බඳින්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- හීං නාරං පොතු, අමුකහ, ලුණු කොටා මළවා බඳින්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
ගල් තැළුම් සඳහා |
- කලු වෙල්ලන්ගිරිය පොතු, අමුකහ,ලුණු කොටා මළවා බඳින්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- වල් හබරල පිති, අමුකහ, දිය ලුණු, පොල්කිරෙන් තම්බා අඹරා බඳින්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
අතීසාරය සඳහා |
- සූදුරු කබලේ බැඳ කුඩු කර උතුරන වතුරෙන් වත්කර මී පැණි දමා බීමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- බෙලිගැට තැම්බූ වතුර මී පැණි සමඟ බීමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- ඉදුනු දෙළුම් මද යුෂ මී පැණු දමා බීමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- බෙලිමුල්, කලාඳුරු අල, වියළි ඉඟුරු , ඉරිවේරිය තම්බාගත් ජලය මී පැණි දමා බීමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- හීං උඳුපියළිය, ඉරිවේරිය කොටා වන්ඩුවේ තම්බා මිරිකා මී පැණි දමා බීමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- බැඳිහාල් කැඳ හෝ වී පොරි කැඳ හොඳින් පොඩිකර පෙරා බීමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- අරලුප්පිටි කැඳ බීමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- ඉරිවේරිය, කලාඳුරු අල, අමු ඉඟුරු, සුදුලූණු ටික ටික ගෙන කොටා වන්ඩුවේ තම්බා මිරිකා පීරිසි කෝප්ප 1/2 පමණ ගෙන දෙහි ගෙඩි 2 ක පමණ අඹුල් දමා සකස් කරගන්න. මළ නොබැඳුණු පිරිසිදු යකඩයක් (හිරමණ තලය, පිහිය වැනි) ලිපේ දමා රත්වන තුරු ගිනියම් කර ඉහත සකස් කරගත් මිශ්‍රණයට ඔබා විනාඩියකින් ඉවතට ගන්න. මෙම මිශ්‍රණයට මී පැණි මේස හැඳි 1 ක් දමා දෙවේලකට පොවන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
සැලකිය යුතුය - අතීසාරය සමඟ ලේ සීදං පිටවන්නේ නම් ඉහත සඳහන් සංයෝගවල ඇති ඉඟුරු ඉවත් කර සකස් කර ගන්න.
|
|
|
- කලාදුරු අල කලං 12 ක් ගෙන වතුර පත 4 ක් දමා පතට සිඳුවාගත් කසාය වරකට පත 1/4 ක් බැගින් මී පැණි සමඟ බීමෙන් ලේ අතීසාරය දුරුවේ.
|
දේවමැදිහත්පත්තුවේ ජනවහර (2005) සරත්චන්ද්‍ර කුමාරසිංහ |
ඉන්නන් සඳහා |
- දියලබු නාරටි ලුණු දිය සමඟ අඹරා ගාන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- ඉදුණු ගුරුල්ල ගෙඩි ලුණු වතුරෙන් අඹරා ගාන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- රතුළූණු ගෙඩියක් කපා එහි කන ලුනු ටිකක් තවරා ඉන්නන් මතුපිට උලන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
අසාත්මිකතාව නිසා සමේ පලු දැමීම සඳහා |
- දුම්මැල්ල, පත්පාඩගම්, රසකිඳ, කොත්තමල්ලි තම්බා බීමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- දුම්මැල්ල, කොත්තමල්ලි තම්බා බීමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
උකුණන් සඳහා |
- සපු කොළ කොටා හිසේ ගල්වා පැය 1/2 කට පමණ පසු ස්නානය කරන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- කොහොඹ තෙල් ඉස ගැල්වීමෙන් උකුණන් හැලේ.
|
ඔසුතුරු වගතුග, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබද ව්‍යාපෘතිය |
අජීර්ණය නිසා හට ගන්නා බඩේ කැක්කුම සඳහා |
- අමු ඉඟුරු, සුදුළූණු, ගම්මිරිස් ටික ටික ගෙන කොටා වන්ඩුවේ තම්බා මිරිකා පීරිසි කෝප්ප 1/2 ක් පමණ ගෙන එයට දෙහි ඇඹුල් මේස හැඳි 2 ක් දමා දෙවේලෙට බොන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
ආහාර අරුචිය, කුසගින්න නැතිකම, බඩ පිපුම හා අජීර්ණය සඳහා |
- අමු ඉඟුරු පෙති 2-3 ක් බුලත් කොලයක් සමඟ හපා යුෂ ගිලින්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- කරපිංචා කොල අඹරා සම්බෝලයක් සාදා ආහාරයට ගන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
දරුවන්ගේ පණු වමනයට |
- සප්සද මුලක් දෙහි ඇඹුලෙන් ගලගා බොන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- සාදික්කා මදය දෙහි ඇඹුලෙන් ගලගා පොවන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- සුදුළූණු පුලුස්සා මී පැණියෙන් කෑමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- වලඟසාල් තැම්බූ ජලය මී පැණි සමඟ ටික ටික පොවන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
ගැබිණි මව්වරුන්ගේ නිතර නිතර පවතින වමනය සඳහා |
- විළඳ (මී පොරි) කුඩුකර මී පැණියෙන් අනා ටික ටික සූප්පු කර ගිලින්න. තේ හැන්දක් ප්‍රමාණය වරකට සූප්පු කිරීම හොඳය.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
පැපොල හා සරම්ප රෝග අවස්ථාවට |
- පත්පාඩගම් තැම්බූ ජලය සීනි දමා බීමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- පත්පාඩගම්, කොත්තමල්ලි ටික ටික ගෙන තම්බා සීනි දමා බිමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- පත්පාඩගම් විෂ්ණු ක්‍රාන්තිය, රසකිඳ, කොත්තමල්ලි ටික ටික ගනෙ තම්බා සීනි දමා බීමට දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
සිරුරේ දැවිල්ල ගතිය, පිපාසය සහිත උණ අවස්ථාවලදී |
- රසකිඳ, පත්පාඩගම්, කොත්තමල්ලි ටික ටික ගෙන තම්බා සීනි දමා බොන්න. මෙය උණුසුම්ව දවසට 3-4 වරක් බොන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- දෙහි කොළ, කොත්තමල්ලි තම්බා දුම් අල්ලන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- ලුණු කැඳ, බාර්ලි තැම්බූ වතුර වැඩිපුර පානය කරන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- දෙහි දොඩම්, නාරං, දෙළුම් හා නෙල්ලි පළතුරු ලෙස කෑමට ගන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
තුන් දොසින් හටගත් උණට |
- කබලේ බැඳ කුඩු කරගත් සහල් ග්රෑම් 15 ක් (කලං 03 ක්) තැඹිලි වතුරට දමා දියකර දෙන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
හිසරදයට |
- බෙලි කොළ තම්බා දුම් අල්ලන්න. එම උණුසුම් වතුරෙන් නළල, බෙල්ල, මුහුණ හොඳින් තවන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- සුදු හඳුන්, සුවඳ කොට්ටම්, වියළි ඉඟුරු සමව ගෙන කුඩුකර ඇල් දියෙන් අඹරා කපු රෙදි කැබැල්ලක තවරා නළලේ පැලැස්තර දමන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- වියලි කහ කැබැල්ලක් ගෙන කල තෙලින් පොඟවා ගිනි අවුළුවන්න. පසුව එය නිවා එයින් නැගෙන දුම් නාසයට උරන්න. සෙම් කාරා දමන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
ප්‍රතිශ්‍යාව සමඟ අත, පය සන්ධි වේදනා |
- වෙනිවැල්ගැට, හීන් අරත්ත අල, ඉඟුරු,, කොත්තමල්ලි, කටුවැල්බටු තම්බා සීනි දමා බොන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- දේවදාර, ඉඟුරු, එළබටු මුල්, කටුවැල්බටු, කොත්තමල්ලි ටික ටික ගෙන තම්බා සීනි දමා බොන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
ඇම්ම සහිත වාත වේදනා සඳහා |
- බැවිල මුල් සුදුළූණු සමඟ තම්බා බොන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- බැවිල මුල්, සුදුළූණු, උළුහාල්, ගම්මිරිස් තම්බා බොන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- බැවිල මුල්, සුදුළූණු, කොල්ලු ඇට තම්බා බොන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- බෙලි මුල්, බැවිල මුල්, හී අරත්ත අල තම්බා බොන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
|
- වෙනිවැල්ගැට, සුදුළූණු, බැවිල මුල් තම්බා බොන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
පපුවේ සෙම ගැලවී ඒමට |
- කිරිබතක් උයා එයට අබ කුඩු ස්වල්පයක් දමා උදය ආහාරය සඳහා ගන්න. මෙය කිරි කැඳ වලට මිශ්‍ර කිරීමෙන් වඩා විශිෂ්ඨ ප්‍රතිඵල උදා වේ.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
ප්‍රතිශ්‍යාවේදී සෙම ගතිය වැඩි විට |
- ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, කොත්තමල්ලි ටික ටික ගෙන තම්බා සීනි දමා බොන්න.
|
අනාගත ගෘහණියට ආයුර්වේදය (2001) ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය |
කිවිසුම් යාම වැලැක්වීමට |
- කහකුඩු, වියළි ඉඟුරු කුඩු සමව මිශ්‍ර කර තේ හැඳි 1/2 ක් මී පැණියෙන් අනා දිනකට වරක් ගාන්න.