පාරම්පරික දැනුම යොදාගත හැකි අවස්ථා
|
පාරම්පරික දැනුම යොදාගන්නා ආකාරය
|
මූලාශ්‍රය
|
සෙවන සඳහා
|
- හේන් වගාවට සෙවන අවශ්‍ය විට සෙවන අවශ්‍ය තැනට නියං වැටකොළු වැල් යැවිම මඟින් දැඩි නියං කාල වලදීත් අවශ්‍ය සෙවන වගාවට ලබාදිය හැක. වට්ටක්කා ඇට පැල කරන ස්ථානය ආසන්නයේ පවතින ගසකට නියං වැටකොළු වැල් යැවීමෙන් වට්ටක්කා වැල් නොමැරී තබා ගත හැක.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
කුඹුරු සරු වීමට
|
- අගෝස්තුවේදී වැවේ වතුර හොඳටම අඩු වූ විට එහි මසුන් අල්ලා පසුව ගමේ මී හරකුන් වැවට දමා මඩ කැලතීමට ලක්කර මඩ සොරොව්ව ඇර එම ජලය කුණු ඇලට නිකුත් කරයි. වැව හිස්වූ විට වැවේ මඩ වැව් බැම්මට දමයි. සැප්තැම්බරයේ අග වහින විට එම මඩ සෝදාගෙන මඩ වතුර කුඹුරු වලට ගලා ගොස් කුඹුර සරු වේ.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
වල් පැල මර්ධනය සඳහා
|
- වියලි කලාපයේ හේන් වී වගාවේ වල් පැල මර්ධනය සඳහා වී වතුරේ දමා යන්තම් මුල් කැපෙන කොට (මොටෙයියන් ඒමට පෙර) පවනේ සහ පසුව අව්වේ වේලා වැසි ලැබීමට ආසන්න කාලය වන විට (සති 1 ඇතුලත) දූවිල්ලට ඝනට වපුරා තැබීමෙන් වල් පැලවලට පෙර වී පැල වී වල් මර්ධනය වේ;
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
බුලත් වගාව සඳහා
|
- බුලත් වගාවේ කොළ පොහොර සඳහා සේරු ශාඛයේ කොල අතු සේදීමෙන් වගාව සරුවන අතර බුලත් කොලයේ දීප්තිමත් භාවය වැඩි වේ.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
|
- බුලත් වගාවේදී ආධාරක කෝටු (බුලත් කොවුල්) සදහා වියලි කලාපයේ කීරිය ශාකයේ දඬු යොදාගන්නා අතර තෙත් කලාපයේදී බහුලව කොරකහ ශාඛයේ දඬු යොදාගනී. මෙයින් බුලත් වැලේ පහුරු ඇල්ලීම වඩා ඉක්මන් වන අතර බුලත් වැල් වර්ධනය වඩා ඉක්මන් වේ.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
|
- බුලත් පාත්තිවල සාත්තු කිරීමට හෝ බුලත් කැඩීමට බුලත් පාත්ති වලට ඇතුළු වන අය පොල්තෙල් ගාගෙන නොසිටිය යුතුය.
|
ටී.එම්.ඒ. තෙන්නකෝන්
|
කොස්ගස් වල පලදාව වැඩි කිරීම සඳහා
|
- කොස්ගස් වල පලදාව වැඩි කිරීමට මදුවැල් සම්පූර්ණයෙන්ම ගෙන කොටා වදකහ තම්බාගත් වතුරට මිශ්‍ර කොට ගස මුල සිට කඳේ ඉහළට තෙමිය යුතුය.
|
කේ.ජී. තාරකා සචින්තනී |
ඉඟුරු වගාව ආරක්ෂා කිරීම සඳහා
|
- හොඳ වේලාවක් බලා කිරි ඉඟුරු කඩා තම්බා බුද්ධ පූජාව සඳහා කිරි ඉඟුරු දානයක් දීම සහ පසුව භික්ෂූන් වහන්සේලාට ඉඟුරු දානයක් දීම සිදු කරයි. මෙයින් වගාව ආරක්ෂා වේ.
|
වංගල වාලිත්තං (2006) කට්ටුඹුවාගම විජයපාල කුමාරසිංහ |
පුහු පොල් ඇතිවීම නතර කිරීම සඳහා
|
- පොල් ගසක පුහු පොල් සෑදෙන විට එම පුහු පොල් පලා ගස වටා බැඳ තැබීම සිදු කරන විට පුහු පොල් ඇතිවීම නතර වේ.
|
හේනේ විත්ති (1999) පියසේන කහඳගමගේ
|
පස සරු කිරීම සඳහා
|
- යටි වගාවන් හෝ මිශ්‍ර බෝගයක් ලෙස ශෂ්‍ය මාරුවක් ලෙස සෙනෙහ කොළ වගා කිරීමෙන් පස සරුවේ.
|
ඔසුතුරු වගතුග ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි හා සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබඳ ව්‍යාපෘතිය
|