බුත්සරණ


දේශීය ව්‍යවහාරික වෙනත් නම් :
සීනි අල / සීනි කෙසෙල්

උද්භිද විද්‍යාත්මක නාමය :
Canna indica

උද්භිද කුලය :
cannaceae

රතු බුත්සරණ

සුදු බුත්සරණ

ඖෂධීය හා පෝෂණීය ගුණ
  • සෙංගමාලය / කහ උණ සුව කරවයි.
  • කිරි මැලියම් / ළදරු සෙම් රෝග නිවාරණය කරවයි.
  • කුණකටු විෂ හා කරවල් විෂ නසයි.
අසාත්මිකතා
බුත්සරණ වල පවතින සීනි ස්වභාවය හා තද සීතල ගතියකින් යුක්ත නිසා සෙම් රෝග වලින් පෙළෙන අයට, වයස්ගත වූවන්ට හා රෝගීන්ට දිවා ආහාර වේලක් සඳහා බුත්සරණ ලබා දීම සුදුසුය.
ආහාර ලෙස සකස් කර ගන්නා අාකාරය හා ඖෂධීය ප්‍රයෝගය
1. බුත්සරණ පිටි සැකසීම

  • බුත්සරණ අල සෝදාගෙන එහි ඇති පොත්ත ඉවත් කරන්න. පසුව කුඩා පෙති වශයෙන් කපා ගත් අල කැබලි මද අව්වේ හෝ විජලන උදුනක් ඇතිනම් එයින් හෝ වියළා ගන්න. (විජලන උඳුන තුළ වියළීමට පැය 02 ක් ගතවන අතර අව්වේ වියළීම සඳහා දින 02 ක් පමණ ගතවේ.) මෙසේ වියළා ගත් අල පෙති වංගෙඩියක දමා කොටාගෙන, හලා පිටි බවට පත් කරගත හැක. බුත්සරණ පිටි අරළුක් පිටි සාදන ආකාරයට (කඩ පිම්මක් බැඳ) ද සකසා ගත හැක. එහෙත් රොඩු කැබලි ලෙස ඉවත යන ප්‍රමාණය එතුළින් වැඩිය. මෙසේ සකස් කර පිටි විවිධ කෑම වර්ග සැකසීමට හා ඹෟෂධ සංස්කරණයට යොදා ගනී.

2. බුත්සරණ අල තම්බාදීම

  • අවශ්‍ය ද්‍රව්‍ය  - බුත්සරණ 1 Kg , අවශ්‍ය පමණින් ජලය , අවශ්‍ය පමණින් ලුණු
  • සාදන ක්‍රමය -
  1. බුත්සරණ අල හොඳින් සෝදා අල වැසෙන පරිදි ජලයද එකතු කර මැටි භාජනයකට දමන්න. ලුණු ස්වල්පයක්ද අවශ්‍ය පරිදි එක් කරන්න. 
  2. මෙසේ අල පොඩි වන තුරු විනාඩි 20 ක් පමණ තම්බා ජලය පෙරා ඉවත් කරන්න. (බුත්සරණ අලය තද පොත්තක් සහිත නිසා එක්කෝ පොත්ත හැර තැම්බිම හෝ සමහර විට අලය තම්බා පොත්ත ඉවත් කිරීම සිදු කරයි.)

මෙසේ තම්බා ගත් බුත්සරණ අල දිනකට වාර 02 බැගින් දිනපතා දිගු කාලීනව ආහාරයට ගැනීම තුළින් වැළදුනු සෙංගමාල රෝගය සුව කරවයි. දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාරයද කරන අතරතුරේ මෙම අල ආහාරය සදහා ලබා දිය යුතුය. ආහාරයට ගැනීමේදී වයස් සීමාවක් නැත. එසේම දින 3-4 කට වරක් බුත්සරණ තම්බා ආහාරයට ගැනීම තුළින් සෙංගමාල රෝගය වැළඳීමට පෙර එම අවධානමෙන් ආරක්ෂා විය හැක.

3. බුත්සරණ කැඳ ලබා දීම

  • අවශ්‍ය ද්‍රව්‍ය  - බුත්සරණ මල් , වරකා පොතු , සූදූරු , ගුරුල්ල පොතු , සීනක්කාරම් , ඊරිය කිරි , පුෂ්කර කුඩු , තැඹිලි පොල් , තලතෙල් , කළුදුරු , ගිතෙල්
  • සාදන ක්‍රමය -
  1. බුත්සරණ පිටි මේස හැඳි 02 ක් මැටි භාජනයකට දමා එයට පොල් කිරි එකතු කරන්න. ඊට තලා ගත් ගම්මිරිස්, සුදුළුණු හා අමු ඉඟුරු සමඟ අවශ්‍ය පරිදි ලුණු ස්වල්පයක් මුසු කරන්න. පසුව මෙම මිශ්‍රණය ලිප තබා පොල් කිරි උතුරන විට බිම තබා නිවෙන්නට හැර බීමට ගන්න.

සෙංගමාලය වැළඳුණු රෝගියකු සතියකට 3-4 වරක් බුත්සරණ කැඳ ආහාරයට ගැනීම හිතකරය. මෙය අනිකුත් ප්‍රතිකාර ලබාදෙන අතරේ දිය යුතු අතිරේඛ පෝෂදායී ආහාරයක් වශයෙන් සැලකිය යුතුය.

4. බුත්සරණ මල් ආලේපය

  • අවශ්‍ය ද්‍රව්‍ය  - බුත්සරණ පිටි මේස හැඳි 02 , පොල් බෑයක කිරි , ගම්මිරිස් ඇට කිහිපයක් ,                       සුදුළුණු  බික්  4- 5 ක් , අවශ්‍ය පරිදි ලුණු ස්වල්පයක් , අමු ඉඟුරු කැබැල්ලක්
  • සාදන ක්‍රමය -
  1. බුත්සරණ මල්, වරකා පොතු. ගුරුල්ල පොතු, ඊරිය කිරි සහ තැඹිලි පොල් සමඟ කොටා ගන්න. කොටාගත් ම්ශ්‍රණය මිරිකා එම යුෂයට කළුදුරු, සූදුරු, සීනක්කාරම්  හා පුෂ්කර කුඩු එක්කර තලතෙල් හා ගිතෙල් දමා පදමට සිදුවන්න.

මෙම ඖෂධ ළදරුවන්ගේ දිවේ ආලේප කිරීමෙන් ඔවුන්ගේ මුඛයේ හට ගන්නා කිරි මැලියම් හා සෙම් දොස් නසයි.

5. බුත්සරණ යුෂ

  • සාදන ක්‍රමය -
  1. කුණකටුවා සපා කෑ විට බුත්සරණ කොළ සහ මල් සම ප්‍රමාණයෙන් ගෙන බෙහෙත් වංගෙඩියේ දමා කොටා ගන්න. මිරිකා ගනු ලබන යුෂ දෙහි ගෙඩියක ඇඹුලින් බීමට දිය යුතුය.

6. බුත්සරණ ගෙඩි වලින් සැකසූ ඔෟෂධයකින් අංජනම් දීම

  • බුත්සරණ ගෙඩි තල තෙලින් අඳුන් බස්වා දෙහි ඇඹුලින් අංජනම් දීම.
  • සාදන ක්‍රමය -
  1. බුත්සරණ ගෙඩි තල තෙලින් හොඳින් අඹරා එම මිශ්‍රණය කෙසෙල් පත් ඉරුවක තවරයි. ඉන්පසු එය පහනක් දල්වා පහන් දැල්ල අසළට අල්වයි. කෙසෙල් පතේ බැඳෙන සිහින් දැල් බඳු ද්‍රව්‍ය දෙහි ගෙඩියක ඇඹුල් සමඟ මිශ්‍ර කර ඇස්වල පිහාටු යට තවරයි.

මින් කරවල විෂ නසයි.


(දමයන්ති ගොඩමුල්ල මහත්මිය - "සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග")