මව් අල


දේශීය ව්‍යවහාරික වෙනත් නම් :
කහ අල / කදල / නැව් අල


උද්භිද විද්‍යාත්මක නාමය :
Dioscorea sp.

ඖෂධීය හා පෝෂණීය ගුණ
  • ශරීර ශක්තිය වර්ධනය කිරීම
ආහාර ලෙස සකස් කර ගන්නා අාකාරය හා ඖෂධීය ප්‍රයෝගය
1. මව් අල ව්‍යංජනය ලබා දීම

  • අවශ්‍ය ද්‍රව්‍ය - මව් අල 500 g , මිරිස් කුඩු තේ හැඳි 01 , කහ ස්වල්පයක් , අමු මිරිස් කරල් 05 ක් , සුදුළූණු බික් 01 ක් , රම්පේ , කරපිංචා අවශ්‍ය පමණට  , තුනපහ තේ හැඳි 02 ක් , කුරුඳු පොත්තක් , රතුළූණු ගෙඩි 05-06 ක් , පොල් කිරි අඬු කෝප්පයක් , ගොරකා කැබලි 02 ක්

  • සාදන ක්‍රමය -
    1. මව් අලය මඳක් ගැඹුරට වන්නට රැස මෙම අලය වටා ඇති සුදු පැහැති පොත්ත ඉවත් කර ගන්න. (ආහාරයට ගනු ලබන්නේ කහ අලය සහිත කොටස පමණි.) මව් අලයේ කහ පැහැති කොටස කැබලිවලට කපා ගන්න. එම කැබලි මැටි භාජනයකට දමා ඊට කහ, තුනපහ, මිරිස් කුඩු, ගොරකා, රම්පේ, කරපිංචා, කුරුඳු, අමුු මිරිස්, ලියාගත් රතුළූණු හා සුදුළුෑණු ආදිය එකතු කොට අවශ්‍ය පමණ ජලය එකතු කර මිනිත්තු 30 ක් පමණ තැම්බෙන්නට හරින්න. තැම්බුණු පසු කිරි දමා ගෙන නැවත මිනිත්තු කිහිපයක් හොද්ද පැස්සවා ගන්න. පිෂ්ඨාධික මෙම රසවත් ආහාරය සතියකට දෙතුන් වතාවක් ගැනීමෙන් ශරීරයට අවශ්‍ය ශක්තිය වැඩි වශයෙන් ලබා දෙයි. ප්‍රධාන ආහාර වේලකට පවා මව් අල තබන්නේ එනිසාය.  
 
(දමයන්ති ගොඩමුල්ල මහත්මිය - "සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග")